නාමල්ගේ වැඩට ගෑවී දිගටම හසුවන
හෙලෝ කොප් කෙල්ලෝ


පසුගිය 2016 වසරේ අගොස්තු මස එෆ්සීඅයිඩියේ අවසන් ප‍්‍රශ්න කිරීමකට පොලිස්පතිතුමා නැමුවැයි කියමින් ඇතුළට ගිය නාමල් රාජපක්ෂ එම අවස්ථාවේ අත්අඩංගුවට පත්වූයේ කෝටි 4 හමාරේ කළු සල්ලි වංචාවක් සම්බන්ධයෙනි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස සිය නිල බලය භාවිත කරමින් අයථා අන්දමින් රුපියල් මිලියන 45 ක් උපයාගෙන නාමල් හෙලෝ කොප් සමාගම මිලදී ගැනීම සඳහා
ඔහුට හිමි එන්.ආර්. කන්සල්ටන්සි සමාගමෙන් රු. කෝටි එක හමාරක්ද, ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි 3 ක්ද ලබා දුන් බව හෙළිව තිබූ අතර එම මුදල් ලැබුනේ කෙසේදැයි කීමට නාමල් මෙන්ම එහි අධ්‍යක්ෂවරුන්ද අසමත්ව තිබුණි.
ඒ අනුව අධ්‍යක්ෂවරුන් සියළු දෙනාටම වරෙන්තු නිකුත් විය.

එම අධ්‍යක්ෂකවරුන් වන්නේ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව , පවිත‍්‍රා සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බන්ඩාර ගනේගොඩ, නිත්‍යා සේනානි සමරනායක හා බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන අයයි. ඒ අයගෙන් පවිත‍්‍රා සුජානි බෝගොල්ලාගම,සුදර්ශන බණ්ඩාර ගනේගොඩ හා නිත්‍යා සේනානි සමරනායක පසුගිය අගොස්තුවේ පොලිස් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගන්නට බැරිවූ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව හා ඔරනෙල්ලා ඉරේෂා සිල්වා විදේශගතව සිටින බවට අධිකරණයට කරුණු වාර්තා විය. ඒ අනුව ඔවුන් අල්ලන්ට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කෙරිණි,
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් රැකියාවක නිරතවෙමින් සිටි ඔරනෙල්ලා ඉරේෂා සිල්වා එරට පොලිසිය මගින් හදුනාගැනීමෙන් පසු එරටින් පිටුවහල් කරන ලද අතර ඊයේ ඇය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණි අවස්ථාවේ ලංකාවේ පොලිසිය වෙත භාර විය. පසුව අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප මත විදෙස් ගමන් තහනමද සමග ඇය ඇප මත නිදහස් විය.

රාජපක්ෂ සමයේ නාමල්ට අයත්ව තිබුණ  හෙලෝකෝප් සමාගම එයාර් ලංකා සමාගම සමග ගිවිසුම්ගතව සේවා සපයමින් සිටි අතර මේ මගින් නාමල් රාජපක්ෂට මාස්පතා විශාල ආදායමක් ලැබෙමින් පැවතිණි.
මින් පෙර අත්අඩංගුවට පත් නිත්‍යා සේනානි ගුවන් සේවිකාවක ලෙස කටයුතු කර නාමල්ගේ මෙම සමාගමේ අධ්‍යක්ෂිකාවක බවට පත්විය. ඇය පසුගිය අගොස්තුවේදී කටුනායක ගුවන් තොටුපළේ සිය සේවා ස්ථානයට යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබුණි. අනතුරුව ඉරේෂා ද සිල්වා දිගටම ඩුබායිහි සැඟවී සිටි නමුත් රත නිවේදනය ප්‍රකාරව එරට පොලිසිය ක්‍රියාත්මකවීම නිසා ඇයටද ලංකාවට පැමිණ පොලිසියට භාර වන්නට සිදුවිය.

හෙළි නොකළ ආකාරයකින් උපයාගත් මුදල් වලින් හෙලෝ කෝප් වැනි ආයතනයක් නාමල් මිලට ගත්තේ කෙසේද යන්න ගැන මේ අත්අඩංගුවට පත් අය ඉදිරියේදී සාක්ෂි සපයනු ඇත.
නාමල් රාජපක්ෂ අයථා ලෙස හෙලෝ කෝප් කොටස් මිලට ගෙන ඇති බවට පැමිණිල්ල කර තිබුනේ වසන්ත සමරසිංහ විසිනි.
ඊයේ ඉරේෂා ගුවන් තොටුපළේදී භාරවූ අවස්ථාවේ වීඩියේ දර්ශන පහතින්