හලාවත ප්‍රදේශයේ චිත්‍රපට ශාලාවක තිරගත වු අලූත්ම ඉන්දීය චිත්‍රපටයක් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ගැනීමේදී
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් 6 දෙනෙකු තුවාල ලබා

රෝහල් ගත කර ඇති අතර 4 දෙනෙකු අත්අඩංගුවට පත්වූ බව පොලිසිය පවසයි.

මෙම සිදුවීම නිසා එම චිත්‍රපට ශාලාවටද අලාබහානි සිදුවී ඇතැයි ද පැවසේ.
ඉන්දියාවේ නිෂ්පාදිත අලුත්ම චිත්‍රපටයක් නැරඹීමට චිත්‍රපට ශාලාවට ඔරොත්තු නොදෙන තරම් පිරිසක් පැමිණීම නිසා කළමනාකාරිත්වය ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අවසන් කරන ලද වේලාවේ එයට අකමැතිවූ පිරිසක් කුපිතවී මෙම කලබලය සිදුකර ඇත. හලාවත පොලිසියේ මැදිහත්වීමෙන් ගැටුම සමථයකට පත්කොට තුවාල ලැබූවන් රෝහල් ගත කළ අතර කලහකාරීන් අත්අඩංගුවට ගන්නා ලදි.