කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙක් බව කියන පුද්ගලයකු සමඟ මිතුරුව ඔහු සමග සමීප ඇසුරක් පැවැත්වූ බව කියන 31 හැවිරිදි විවාහක පිරිමියකු එම අසැබි දසුන් මුහුණු පොතෙන් ප්‍රසිද්ධ කරන බවට බියගන්වා තර්ජනය කර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගෙන් මුදල් හා ස්වර්ණාභරණ ලබාගැනීමේ සිද්දියක් බදුල්ල පොලිසියෙන් වාර්තාවේ.
 සිද්ධියට මුහුණ පා ඇති 45 හැවිරිදි කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාද විවාහකයකු වන අතර ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ බදුල්ල බස් නැවතුම් පොළේදී මෙම කඩවසම් පුද්ගලයා හඳුනාගෙන
පසුව ඔහු කැටුව ගොස් සමීප ඇසුරක් පවත්වා ඇති බවයි.

එම අවස්ථාවේ තමන් පැළැඳ සිටි රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වටිනා රන්මාලය, රන් මුදු දෙක ගලවා ගත් සැකකරු අසැබී දර්ශන තමා ජංගම දුරකතනයෙන් වීඩියෝ කළ බව පවසා එම දසුන් මුහුණු පොතට මුදා නොහරින්නට නම් තවත් රුපියල් පනස් දහසක මුදලක් ඉල්ලා සිටි බව පැමිණිලිකරු සඳහන් කර තිබේ.
ඒ අනුව පසුව රුපියල් පනස් දහසක මුදලක් ඔහුගේ ගිණුමට බැර කරන්නට සිදුවූ බවත්  එතකින් නොනැවතුණු සැකකරු මෙසේ මුදල් ඉල්ලා දිගින් දිගටම කරදර කරන නිසා පොලිසිය පැමිණිලි කළ බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන්වන බව පොලිසිය කියයි.

සැකකරු මෙවැනි මිතුරුකම් ඇති කර ගනිමින් මුදල් සහ ස්වර්ණාභරණ ලබා ගන්නා ජාවාරමේ යෙදෙන්නකු බවට පොලිසිය කළ පරික්‍ෂණවලින් හෙළිවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට් ගත් සැකකරු දෙදරු පියතු බවද අනාවරණය වී තිබේ.ෙ
බිරිය හා දරු දෙදෙනා නිවෙස් සිටියදී මොහු වෙනත් ප්‍රදේශයක නැවැතී ඔවුනටත් රහසේ මෙම මිතුරුදම් ඇති කරගෙන මුදල් ඉපැයීම කරගෙන ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය කියයි.
(බදුල්ලේ පාලිත ආර්යවංශ සහ ඇල්ල ප්‍රසාද් රුක්මල්)