අඛණ්ඩ අධික වැසි නිසා 
රට පුරා අවදානම් තත්වයන්

දිවයින පුරා ප්‍රදේශ රැසක අද දවස පුරා සිදුවූ අඛණ්ඩ වැසි තත්ව හේතුවෙන් ගංවතුර හා නායයාම් ඇතුළු අවදානම් තත්වයන් මතුව තිබේ.
අධික වර්ෂාවත් සමඟ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. කැලණි ගඟ ආශ්‍රිත ජනතාවට සහ කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම් වල සිටින ජනතාවට අවදානයෙන් සිටින ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය උපදෙස් ලබාදී තිබේ.
රත්නපුරට බලපා ඇති වර්ෂාව හේතුවෙන් පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ අවට ප්‍රදේශ නාය යෑමේ
අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් පුරාවට වලංගු බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාළමේ වහළයේ කොටසක්  කඩා වැටී තිබේ.

මුහුද අසළින් ගමන් ගන්නා මාර්ගය හරහා ඉහළින් මෙම මගී පාළම ඉදිකර ඇති අතර මාර්ගයේ  ගමන්ගත් වාහනයකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබේ.
මේ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.නාවලපිටිය නගරයේ තැපැල් කාර්යලය ඉදිරිපිට නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස ජලයෙන් යටවී තිබිණි.

වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරිම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගයේ එක් රැස් වී ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබේ.
මේ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.නාවලපිටිය නගරයේ තැපැල් කාර්යලය ඉදිරිපිට නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙලෙස ජලයෙන් යටවී තිබිණි.
වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරිම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගයේ එක් රැස් වී ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.
ඊයේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ලැබී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.
මිලි.මීටර් 155.5 වර්ෂාවක් ලැබීමත් සමගම නෙළුව ප්‍රදේශය තුළ පස්කඳු කඩා වැටීම් සහ නායයාමේ අවදානමක්ද ඇතිවීමේ ඉඩකඩද ඉහළයා හැකි බැවින් අවධානයෙන් සිටින්නැයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන්ද අනතුරු හැගවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ වනවිටත් ගාලු දිස්ත්‍රික්කයට කඩින් කඩ වැසි ලැබෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය. 
ගිං ගඟ පහල ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී ඇත.
ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බැවින් පහල ජල ධාරා ප්‍රදේශවල සිටින ජනතාව විමසිල්ලෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් අගලවත්ත, ඉංගිරිය, බදුරලිය, හොරණ හා මදුරාවල ප‍්‍රදේශවල ජීවත් වන පහත්බිම් ජනතාවට විමසිමත් වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එමඟින් තත්පරයට ඝණ මීටර්  77ක ජල ධාරිතාවක් මුදා හරින අතර ඒ හේතුවෙන් මේ වනවිට කුඩා ගඟ ආශිත මොල්කාව, පරගොඩ, බුලත්සිංහල යන පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතින බව අද දෙරණ වාර්තාකරු පවසයි.
තවද මගුරු ගඟ පිටාර ගැලීම හේතුවෙන් අගලවත්ත - කලවාන මාර්ගයේ , මිදලන ප්‍රදේශයේ මාර්ගය,  අඩි 1.5ක පමණ ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලටද බාධා එල්ල වී තිබේ.

බදුරලිය - කලවාන මාර්ගයේ මිදලන හා වලල්ලාවිට පැලවත්ත කොස්කැටිය මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කළුතර දිස්ත්‍රික් නිලධාරි හර්ෂ ඒකනායක මහතා පවසයි
කුකුලේ ගඟ වාන් දොරටු විවෘත කිරීම නිසා බදුරලිය ප්‍රදේශයේ ගංවතුර වැඩිවීමට යම් බලපෑමක් ඇති වෙන බවද ඒ මහතා පවසයි.
වලල්ලාවිට නාවලකන්ද ප්‍රදේශයේ මීට පෙර නාය ගිය ස්ථානයක් නැවතත් නායයෑමේ ලක්ෂණ පෙන්නුම් කරන බව  වලල්ලාවිට ආපදා නිලධාරි  චාමර ජයසිංහ මහතා කියයි.
මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පිහිටි පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළ නගිමින් පවති.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට අධික වර්ෂා තත්ත්වයක් පවතින අතර මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ පිහිටි ප්‍රදේශවලට අද(14) උදැසන 06.00 න් අවසන්වූ පැය 24 තුළ පිළිවෙලින් මිලීමීටර් 70 ක් හා 89 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.