අයිවරි කෝස්ට් හි අබූජාන් නගරයේ ගමන් කළ ගුවන් යානයක් සාගරයට කඩා වැටී සිව් දෙනෙක් මිය ගොස් තිබේ. ප්‍රංශ හමුදාවට අයත් මෙම ගුවන් යානය අවුරුදු 42 ක් පැරණි සෝවියට්
දේශයේ නිමවන ලද්දකි.

ප්‍රංශ හමුදා සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයකි.
දේශීය මාධ්‍ය වාර්තා වලට අනුව කාර්ය මණ්ඩලය සාමාජිකයින් කිහිප දෙනෙකු දිවි ගලවා ගෙන තිබේ.ගුවන්තොටුපල කළමනාකරණ සමාගම විසින් තහවුරු කර ඇති පරිදි එම පිරිස අතරින් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ සිටියදී දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මියගිය ගණන 4 කි.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බවය.
තවත් දෙදෙනෙකුගේ මළ සිරුරු ගුවන් යානය තුළ පවතින බව කිමිඳුම්කරුවන් ප්‍රකාශ කර තිබුණි.
තද සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්වය, අනතුරට හේතු වී තිබේ.