‘මාව අවුස්සගන්න එපා‘
සිල් රෙදි හොරකමක් වුනේ නෑ කියූ මහින්දට
මාධ්‍ය අසන හරස් ප්‍රශ්න හමුවේ කේන්ති යයි



හිටපු  ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයගේ සුවදුක් විමසීමට ඊයේ (11) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බන්ධනාගාර රෝහලට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් සමග කථාබහකට එකතුවූ ඔහු දිගින් දිගටම කියා සිටියේ සිල්රෙදි හොරකමක් සිදුවී නැති බවයි.
නමුත් මැතිවරණය ඉලක්ක කර
මහජන මුදල් නාස්ති කර

ප්‍රචාරණයේ යෙදවීම සම්බන්දයෙන් මාධ්‍ය වේදියෙකු දිගටම ප්‍රශ්න කළ අතර එම අවස්ථාවේ හිටපු ජනපතිවරයාට කේන්ති ගියේය.
මාව අවුස්සගන්න එපා ඔයාට ඕන මෙතන සංදර්ශනයක් කරගන්න කියමින් ඊට විරෝධය පළ කරමින් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් මඟහැර එම ස්ථානයෙන් පිට විය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්
(video courtesy by -lankanewsweb.net)