පොළොන්නරුව හිඟුරක්ගොඩ මාර්ගයේ ඇතුමල්පිටියේදී පසුගිය 09 වනදා රාති‍්‍රයේ සිදුවූ රිය අනතුරින් මිය ගිය ඒ.ජේ.එම්. ජයරත්න සහ ඒ.ජේ.එම්. බුද්ධදාස යන අයගේ දේහයන් සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
දේහයන්ට අවසන්

ගෞරව දැක්වූ ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයින් වෙත සිය සාතිශය සංවේගය පළ කරමින් ඔවුන්ගේ තොරතුරු විමසීය.

එමෙන්ම ඔවුන්ගේ පවුල්වල ඉදිරි කටයුතු සඳහා මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ 09 වනදා අලුයම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ලාල් සිරිසේන මහතා ගමන් ගත් වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් එකම පවුලේ දෙදෙනෙකු මියගොස් තිබිණි.

මෙම අනතුරෙන් පසු ලාල් සිරිසේන මහතා පොලොන්නරුව පොලීසියට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.