ඊයේ මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ ගිනස් වාර්තා
තැබීම අරමුණු කරගත්

මංගල උත්සවයක් සඳහා පාසල් ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව අවභාවිතාවට ලක් කිරීම හා අධ්‍යාපනය ලැබිය යුතු වේලාවේ පැය 4 ක් පමණ අව්වේ තබා හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී තිබේ.
ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කළ බවද අධිකාරිය අද (22දා) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම මේ සම්බන්ධයෙන් අදාළ අධ්‍යාපන බලධාරීන් සමඟ ද මේ වන විට සාකච්ඡා කරන බවත් ඔවුහු පවසති.
සිද්ධියට අදාළ පෙර ලිපිය මෙතැනින්