බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියාව කිඹුල ඇදගෙන ගියාට කාල නෑ
මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන්

පසුගියදා ආරුගම්බේ ආසන්න කලපුවකදී කිඹුල් ප්‍රහාරයකට ගොදුරුවී මියගිය බ්‍රිතාන්‍ය ජාතික පෝල් මැක්ලීන් නමැති 24 හැවිරිදි මාධ්‍යවේදියාගේ දේහය ගොඩගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ දියේ ගිලීමෙන් හුස්ම හිරවීමකි.
අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඒ.ඉළංකෝවන් මහතා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෝල් ගේ මළ සිරුරේ
කිඹුලා ඇදගෙන

යාම නිසා දකුණු කකුලේ තුවාල සිදුවී ඇති බව හඳුනාගෙනතිබෙන නමුත් මරණයට එම තුවාල හේතුවිය නොහැකි බව දන්වා ඇත.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ කලපුව අසල සිටි අයෙකු පොල් දිය තුළ සිට අතක් ඔසවා උදව් ඉල්ලා තිබූ බවද වාර්තාවී තිබුණ අතර ඉන්පසු ඔහු දිය යට නොපෙනී ගිය නිසා කිසිවක් කරගන්නට බැරිව ගිය බව දන්වා තිබුණි. මළ සිරුර හමුවූයේද පසුදිනයි.
මළ සිරුරේ වෙනත් ස්ථානයක කිඹුලා විසින් සපා කෑ තුවාල තිබී නැත.
අම්පාර - පානම පොලිස් බල ප‍්‍රදේශයේ - කොකඩයිල් රොක් ප‍්‍රදේශයේදී මෙම අන්තරාය සිදුවිය.
පසුව ඉකුත් 15 වෙනි දින පෙරවරුවේ පොලීසිය සහ නාවික හමුදාව විසින් පොල් මැක්ලින්ගේ මළ සිරුර සොයා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ සිදු කර දේහය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙකුට භාරදෙනු ලැබීය. පොල් සමග පැමිණි විදෙස් මිතුරු කණ්ඩායමද මෙම අවස්ථාවන්ට එක්විය.