චතුරිකාගේ “ජනාධිපති තාත්තා” දොරට වැඩිය හැටි
අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  සිදුවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතුවරුන් රැසක් හා විද්වතුන් රැසක් එක්වූ අවස්තාවකයි. චතුරිකා සිරිසේන මහත්මිය තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිධාරිණියක් වන අතර ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙසද කටයුතු කරයි.
"Janadhipathi Thaththa" Book Launch