අද රහස් පොලිසියට පැමිණී ශිරන්ති  රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ සමග මහින්ද රාජපක්ෂ ද නාමල් රාජපක්ෂ ද , ගෝඨාභයද ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ආ අතර

ඇගෙන් ප්‍රශ්න කිරීමට ඇතුලට ගෙන යද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ නීතිඥයන්ට
ඇය ලඟ සිටීමට අවසර ඉල්ලා තිබේ.
නමුත් ඔවුන්ට අවශ්‍ය නම් රහස් පොලිසියේ වෙනත් ස්ථානයක රැඳී සිටීමට අවස්ථාව සලසා දිය හැකි යයි ද ප්‍රශ්න කරන ස්ථානය වෙත පැමිණිය නොහැකි යයිද රහස් පොලිස් නිලධාරීහු දැනුම් දුන්හ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ නීතිඥයන් වෙනත් ස්ථානයක රැඳී සිටියහ.
රාජපක්ෂලාගේ වාහනයක් අවශ්‍ය නම් ඇතුලට ගැනීමට ඉඩ දිය හැකි යයි රහස් පොලිසිය පැවසුවද ටී.වී. කැමරා වලට ප්‍රචාරය සඳහා අවශ්‍ය බැවින් ඔවුන් වාහනය ඇතුලට ගැනීමට කැමැත්තක් දක්වා නැත.
ශිරන්ති මහත්මිය පැය දෙකහමාරක් පමණ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිටවීමට අවසරය ලබා තිබේ.