පාසල් වෑන් රථ සඳහා වෙනම මංතීරුවක් ක්‍රියාත්මක කිරිමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එහි ලේකම්
නිහාල් රූපසිංහ මහතා ප්‍රකාශ කළේ, තුන්වන පාසල් වාරය ආරම්භ වීමත් සමග එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවය.
කොළඹ නගරය ආශ්‍රිතව එම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මේ අතර පසුගිය 15 වෙනිදා සිට කොළඹ නගර සීමාවේ බස් රථ සඳහා වෙනම මංතීරුවක් ක්‍රියාත්මකයි.