Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න



හිටපු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුතු යසසිරු
හෝටල් කාමරයක 
අභිරහස් ලෙස මියගිහින්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයෙකු වන
යසසිරු තිසර කුමාර ගලප්පත්ති (24) මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී
ඊයේ(14) උදෑසන සොයා ගත් බව

මාතර මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.
 මාතර පඹුරණ පදිංචිව සිටි යසසිරු ව්‍යාපාරිකයෙකි. ඔහු එම හෝටලයේ ඊට පෙර දින රාත්‍රී ලැගුම් ගෙන ඇති නමුත් ඔහු මරණයට පත්වූ ආකාරය පැහැදිලි නැත.පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෘදයාබාධයක් සිදුව ඇතැයි හෙළිව ඇත.
පවුලේ සාමාජිකයින් දන්වා ඇත්තේ මෙම මරණය සැකසහිත බවයි.ඒ අනුව පොලිසිය මගින් මේ ගැන විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.
මියගිය යසසිරු දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතාගේ බාල සහෝදරයා ද වේ.
ඔහු මාතර රාහුල හා කොළඹ රාජකීය විදුහල්වල ආදි සිසුවෙකි.










Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat