පරාජය දරාගන්න අමාරුයි 
- මැතිව්ස්


ඊයේ (10) සිම්බාබ්වේ ක්‍රිකට් තරග පරාජයෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් මෙසේ කියා තිබේ.

"මේ පරාජය  කණ්ඩායමක් විදිහට දරාගන්න අමාරුයි. ඇත්තටම අපි අපේ වැරදි නිසා තමයි මේ තරගයත් පරාජය වුණේ. නමුත් අපි ඉදිරියේ එන ටෙස්ට් තරගයට මීට වඩා හොඳට
මුහුණදී,
අනිවාර්යයෙන්ම ඒ තරගය ජයගන්න ඕනෑ.

ඇත්තටම අපේ ගොඩක් අඩුපාඩු තියෙනවා. විවිධ අංශවලින් දුර්වලතා තියෙනවා  හදාගන්න. ඉදිරියේදී ඉන්දියානු තරගාවලිය එනවා. ඔවුනුත් එක්ක ලොකු තරගයක් තියෙනවා. ඒ තරගයට යන්න කලින් මේ තියෙන කෙටි කාලය තුළ අපි අපේ අඩුපාඩු හා දුර්වලතා හදාගත යුතුයි.

කණ්ඩායමක් විදියට අපි නිතරම පුහුණුවීම් කරනවා. හැමදේම සැලසුම් කරනවා. නමුත් අවාසනාවකට වගේ පිටිය මැදට ගිහින් මේවා අතහැරෙන එක තමයි ගැටලුව. ඉන්දියානු සංචාරයට පෙර අපට ඉතාමත් කෙටි කාලයක් තියෙන්නේ අපේ මේ වැරදි ටික හදාගන්න."