හිත් අමනාපය තුනීකරගන්න
ඔලිම්පික් පදක්කම
විකුණනවාය කියන සුසන්තිකා


තමා ශ්‍රී ලංකාවට හිමිකරදුන් මීටර 200 රිදී ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දමා විකුණා ජීවත්වන්නට සිදුවන තත්වයක් තමාට උදාවී ඇති බවට එම පදක්කම හිමි සුසන්තිකා ජයසිංහ පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබුණි.
එම ප්‍රකාශය කරන්නට පළමුව එම සාකච්ඡාවේදී ඇය ඇයට නොලැබුණ දේවල් ලැයිස්තුවක් හෙළි කිරීම නිසා ඇය ඒ ආකාරයේ පදක්කම වෙන්දේසියේ දැමීමක් ගැන පවසන්නේ තමන්ට ලැබෙමින් පැවති දේවල් අහිමි කළ අයට රිදවන්නට බව පැහැදිලිය.
සුසන්තිකාට පසුගිය රජයෙන් වැටුපක් හා වාහනයක් ලබාදී තිබී වත්මන් රජයෙන් එය නැති කර තිබේ.පසුව ඇයට වත්මන් රජයෙන් 60000 ක දීමනාවක් ලබාදී ඇතත් ටික කලකින් එය අතරමග නතරවී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා සුසන්තිකා වෙනුවෙන් මෑතකදී තනතුරක් ලබාදුන්නද
අමාත්‍යංශයේ ඇයට අසුන්ගෙන රාජකාරී කරන්නට තැනක් නොලැබීමද ඇයගේ මැසිවිල්ලකි. තමාට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකක් නැතිවීමද ගැටලුවක් බව ඇය පෙන්වාදී ඇත.
ඒ දේවල් කීමෙන් අනතුරුව ඇයගෙන් ඇසූ ප්‍රශ්න වලදී මෙසේ කියයි.

මේ ක්‍රීඩා ඇමැතිට අමතක වුණාට මම අවුරුදු 20ක්

රට වෙනුවෙන් ක්‍රීඩා කරපු කෙනෙක්. ඒ නිසා මම එයාට නැවතත් කියනවා. එයා බුද්ධිමත් අමාත්‍යවරයෙක්. එයා හැම පැත්තෙන්ම දක්ෂයෙක්. එයාගේ ඥාන ශක්තියත් එක්ක එයා කල්පනා කළොත් මම කිව්ව දේ හරියට තේරුම් ගනීවි.

ඒ හැට දාහත් නැතිව ඔබ කොහොමද දැන් ජීවත් වෙන්නේ?

ආදායම් මාර්ග කියන්නේ ඇත්තටම මම හොයාගත්ත මුදලක් තිබුණා. දේශපාලන කටයුතුවලට ඒ ගොඩාක් මුදල් වියදම් වුණා. එතැන දී මට කවුරුවත් විශේෂයෙන් උදව් කළේ නෑ. ඒ නිසා මම උපයා ගත්ත දේවලුත් මට හරි හරියට වියදම් වෙලා. මම මෙහෙම අසරණ වෙලා ඉන්න කොට ජනාධිපති නීතිඥ ජයන්ත දොළවත්ත මහත්තයා හරහා ආරක්ෂක ලේකම්තුමාට කතා කළා. ඊට පස්සේ මාව මේ කාලය තුළ මාව හමුදාවේ කෙටිදුර පුහුණුකාරියක් හැටියට කොන්ත්‍රාත් පදනම යටතේ මාව බඳවා ගත්තා.

ඔබ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ?
ක්‍රීඩා බලධාරින් මට සලකන්නේ මේ තරම්ම පහත් විදියට නම් මට තියෙන ලොකුව සම්පත තමයි ඔලිම්පික් පදක්කම. මම ඒක වෙන්දේසියේ දානවා.

ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවා?
ඔව්. මම වෙන මොනවා කරන්නද

ඔබ ක්‍රීඩා අමාත්‍යාංශයට මේ ගැන දැනුම් දුන්න ද?
මොනවා කියන්නද? මම එක පාරක් ඔය නිලධාරින් එක්ක කතා කළා. ඒ අය කියනවා අපි දැන් සැලසුම් කරගෙන යන්නේ ක්‍රීඩා කෞතුකාගාරයක් හදන්න කියලා. මම අහනවා ඒකේ තැන්පත් කරන්නේ ක්‍රීඩා ඇමැතිගේ පදක්කම් ද කියලා. මේ රටේ ලොකුම පදක්කම තියෙන්නේ මං ගාව. ඒක කෞතුකාගාරයට දෙන්න කලින් මම පදක්කම වෙන්දේසි කරනවා. මොකද මට ඔක්කොටම කලින් දරුවෝ දෙන්නත් එක්ක ජීවත් වෙන්න ඕනා.

ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දාලා?
මම යනවා ඕස්ටේ්‍රලියාවට. ඒ වගේ රටක් මාව පිළිගනීවි. මට ඊට වඩා දෙයක් කරන්න ඉතිරිවෙලා නෑ.

(පුවත්පත් සාකච්ඡාව - ප්‍රසන්න සංජීව තෙන්නකෝන් - ලංකාදීප)


සුසන්තිකා කියූ දේවල්වලට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පිළිතුරු සැපයුයේ මෙසේය.