ඉදිරියේදී ගුවන් මගී පාලමක් ඉදිකර බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ
ඉසුරුපාය
සම්බන්ධ කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් දන්වා ඇත.
ඒ මගින් රජයේ දෙපාර්තමේන්තු අතර අන්තර්සම්බන්ධය හා බාහිර සිට අවශ්‍යතාවන්ට පැමිණෙන අයට ඇවිදගෙන ගොස් සියල්ල කරගැනීමේ පහසුව උදාවනු ඇති බව ඇමතිවරයා දන්වා ඇත.