ප්‍රින්ස් මගේ යාළුවෙක්වත් නෙමෙයි 
එයාගෙ පෙම්වතී වෙන නිරෝෂා කෙනෙක්

පසුගියදා ප්‍රකට ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අකාලයේ මරණයට පත්වීමෙන් පසු ඔහුගේ මරණය හා කලකිරුණ ජීවිතය ගැන ඔහුට සමීප පුවත්පත් කලාවේදියෙකු සිදු කළ හෙළිදරව්වකින් කියැවුනේ කලකට ඉහත ප්‍රින්ස් හා නිරෝෂා විරාජිනී අතර තිබුණ සම්බන්ධයේ බිඳීයාම ඔහුගේ ජීවිතය වෙනස් කරන්නට මුල්වූ කතාවකි.
 ප්‍රින්ස්ගේ පැහැදිලි කිරීමක් ලෙස 2013 පුවත්පත් ලිපියකද මේ ගැන ප්‍රසිද්ධ කර තිබේ.
කෙසේ වෙතත් මේ ගැන සෘජුවම ගායිකා නිරෝෂා විරාජිනීගෙන්
ගුවන් විදුලි නාලිකාවක් මගින් අසන ලදුව ඇය පවසා ඇත්තේ මෙසේය.


‘ඔය කියන්නේ මොකක්ද කියලා මමත් දන්නවා.මටත් අහන්න ලැබුණා. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මගෙයි ඔය කියන පුද්ගලයයි අතර කිසිම සම්බන්ධයක් තිබුනෙ නැහැ. අඩුතරමින් යාළුවෙක් වත් නෙමෙයි. ඔහු ඉතා ජනප්‍රිය කාලේ මම ගායිකාවක් විදිහට අලුත්. නමුත් මම ජනප්‍රිය කාලේ ඔහු ගැන කතාවුණේවත් නැහැ.
කොහොම වුණත් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ගින්නක් නැතිව දුම් එන කාලයක් මේ. මම ඕවාට උත්තර දෙන්නෙ නැහැ. අවශ්‍ය නැහැ. කටකතා හදන අය කුහක ආශාවක් ඉෂ්ට කරගන්නව. නමුත් මම නිහඬව ඉන්නවා. ඇත්ත මොකක්ද කියල මම දන්නවා. මගේ වටාපිටාවෙ අය දන්නවා. ඔය කියල තියෙන්නෙ වෙන නිරෝෂා කෙනෙක් ගැන වෙන්න ඇති කියල තමයි මට කියන්න තියෙන්නෙ‘


පහත පළවන්නේ 2013 පළවූ පුවත්පත් ලිපියේ මුද්‍රිත උපුටනයකි.