කොට්ටාවේ තම නිවසේ කාමරයේ
කපාකොටා මරා දමා තිබුණ තරුණිය


කොට්ටාව ප්‍රදේශයේ නිවසක උඩු මහලක තිබී ඝාතනය වූ තරුණියකගේ මළ සිරුරක් හමුව  ඇති බව පොලිසිය ඊයේ වාර්තා කළා. තරිඳි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියක මෙලෙස ඝාතනය කර ඇති බව පැවසේ.
ඇගේ සිරුර පුරා උල් ආයුධයකින් පහර කෑ සළකුණු ඇති බව පොලිස් වාර්තාවේ දැක්වේ
ඇය පවුලේ අය සමග
වාසය කරන නිවසේ ඇගේ නිදන

කාමරයේ ඇඳ මත මෙලෙස  ඝාතනය  කර තිබුණි.
පාසල් ගොස් ඊයේ සවස පැමිණි ඇගේ සොයුරිය අක්කා සොයාගෙන කාමරයට ආ අවස්ථාවේ මෙම අනපේක්සිත ඝාතනය දැක තිබුණි.

දෙමාපියන් ගෙන ආ විවාහ යෝජනාවක් මත මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ඇය පසුගිය දිනවල ඇසුරක් පවත්වා තිබුණ නමුත් ඇය එම තරුණයාට අකමැත්තක් තිබුණ බවත් පරීක්ෂණයේදී සාක්ෂි ලැබිණි. ඊයේ දහවල් කාලයේ එම තරුණයා ඇය බලන්නට නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුව ඇති නිසා සිද්ධිය සම්බන්ධයෙන් එකී තරුණයා කෙරෙහි සැකයක් මතුව ඇතැයි වාර්තාවේ.

හෝමාගම සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
නිරූපිකාවක ලෙසද ඡායාරූප වලට පෙනී සිට ඇති තරින්දි පසුගියදා මනමාලියක ලෙස සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක්ද අන්තර්ජාලය වෙත එක්කර තිබුණි.



Update
ද්විත්ව ප්‍රේමය කඩා දැම්මාට උරණවී කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පෙම්වතා
කලින් දා රෑ නිවසට ඇවිත් බැල්කනියෙ සැඟවිලා
CCTV දර්ශන මගින් හෙළිවේ  -------> READ HERE