අසරණ වූවන් බේරන්න ගිහින්
නෙලුවේදී ගුවනින් වැටුණ සෙබළා මිය ගොසින්

ඊයේ ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ ආපදාවට පත් කණ්ඩායමක් බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයකින් බිම ඇද වැටුණු ගුවන් හමුදා සෙබළා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අතර ජීවිතක්‍ෂයට පත්වී ඇති බව
දැන් වාර්තාවේ.

ගංවතුරට ගොදුරු වූ පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුමක නිරතවෙමින් සිටි ඔහු දූලිඇල්ල තේකර්මාන්ත ශාලාවේ  කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකුගෙන් අයකු බේරාගෙන හෙලිකොප්ටරයට දමා අනෙක් කාන්තාව බේරාගැනීමට කේබල් ආධාරයෙන් පහළට බසිද්දී මෙම අඩි 30ක් පමණ ඉහළ සිට ඇද වැටී තිබේ. එම අවසතාවේ ඔහු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කරන්නට සිදුවිය.
බරපතල තුවාල සිදුවූ නිසා ඔහු පසුව මියගිය බව රෝහල් ආරංචි පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වයි. එම්. එස්. යාපාරත්න (38) නමැති සහන සේවා ගුවන් භටයෙකි.