තමාගේ ගුරුවරිය කසාද බැන්ද මැක්‍රොන් 
ළාබාලම ජනපතිවරයා ලෙස ප්‍රංශයට

ප්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා ලෙස නම සටහන් කරමින් එම්මානුවෙන් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබේ. ඔහුගේ වයස අවුරුදු 39 කි.
ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ප්‍රංශයේ 39 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ මැක්‍රොන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන්  65.17%ක් ලබා ඇති බව විදෙස්
පුවත් අනාවරණය කරයි.
ජයග්‍රහණයෙන් පසුව එරට මාධ්‍ය ඇමතූ මැක්‍රොන් තමාට ප්‍රංශ ඉතිහාසයේ
නව පිටුවක් පෙරළීමට අවශ්‍ය බව පෙන්වාදී තිබේ.

ප්‍රංශ ජාතියේ එක්සත්භාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට වගකීමේ සහතිකයක් ලබාදිය හැකි බව පවසා ඇති ඔහු යුරෝපයේ ආරක්ෂාව තහවුරු කරන බව අවධාරණය කර ඇත.
එම්මානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රතිවාදිනිය වූ මැරීන් ලා පෙන් විසින් ලබාගෙන ඇත්තේ 34.83% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
වයස අවුරුදු 39දී ජනාධිපති ධුරයට තේරීපත් වන මැක්‍රෝන් එදාමෙදා තුර ප්‍රංශයේ ජනාධිපතිවරයෙකු ලෙස තේරීපත් වන ළාබාලතම ජනාධිපතිවරයා බවට පත්වනු ඇත.
 වර්ෂ 1858 නවීණ සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව එරට ප්‍රධාන දේශපාලන දහරාවන්ගෙන් පිටත අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා ලෙස තේරීපත් වන ප්‍රථම අවස්ථාවද මෙයවිය.
"බලාපොරොත්තුවේ සහ විශ්වාසයේ නව පරිච්ඡේදයක් විවර වූ බව සිය ජයග්‍රහනයෙන් පසුව ප්‍රංශ පුවත් සේවයට අදහස් දක්වමින් මැක්‍රොන් පවසා සිටියේය.
දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රෝන් හිටපු බැංකුකරුවෙකි.
ඔහු ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක සහාය ද නොමැතිවය.
එමෙන්ම, ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා බොහෝ වයසින් වැඩි, 64 හැවිරිදි තමාගේ ගුරුවරියක වූ අයෙකු සමග වීමද විදෙස් මාධ්‍යවල බොහෝ කතාබහට ලක්විය. මැක්‍රෝන්ට සිය වත්මන් බිරිඳ ප්‍රථම වරට හමුවන විට ඔහුගේ වයස අවුරුදු 15කි. ඒ වර්ෂ 1992 වසරයි. ඇය ඔහුගේ නාට්‍ය ගුරුවරිය විය.