අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස අත්සන යොදමින් නිකුත් කර තිබෙන රුපියල් 5000 නෝට්ටුවල
වලංගු බව ගැටලු කාරී
බැවින් ඒවා අවලංගු කරන්නට ඉල්ලමින් අධිකරණයට යාමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කර තිබේ.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඒ බව දැනුම් දුන් අතර ලංකාවේ භාවිත විය යුත්තේ වලංගු මුදල් බවත් 5000 නෝට්ටුව නීති විරෝධී බවත් සපථ කළේය.