මධ්‍යම පළාත් අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ ඔහුගේ පියා වන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්,
දඹුල්ල ශ්‍රී.ල.නි.ප
සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමිනි.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත් ඔහු ස්වකීය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය වෙත අදපස්වරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී බාරදුන් බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර දැරූ ජනක බණ්ඩාර තෙන්නකොන්, ලොහාන් රත්වත්තේ හා අනුර විදානගමගේ වෙනුවට මෙම නව සංවිධායකවරු සිව් දෙනෙක් පත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති මෙම පත්විම් සඳහා මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්කොන් සංවිධායක ධූරය දැරූ දඹුල්ල ආසනය සඳහා සම සංවිධායකවරුන් ලෙස ඩබ්.එම්.යසමාන හා යූ.ආර්.දයා නන්දසිරි පත් කර ඇත.