පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළත් කිරීමට
පාර්ලිමේන්තුවේ අනුමැතිය
හිමිව තිබේ. එම තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කිරීම සඳහා මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍යවී කතානායකවරයා ඒගැන මන්ත්‍රිවරුන්ට දැනුම්දී ඇතත් මෙතෙක් විරුද්ධත්වයක් ප්‍රකාශ වී නොමැති නිසා එය ඉදිරියේදී සිදුකරන බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.
මැයි 1 වැනිදා සිට මන්ත්‍රිවරුන්ගේ පැමිණීම පිළිබඳ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කෙරෙනු ඇති. ඒ අනුව ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වී නිතර නිතර නිවාඩු පිට සිටින අය ගැන දැනගැනීමට ජනතාවට හැකිවනු ඇත.