මහින්දානන්ද - දිමු දියණිය සේනානි යුග දිවියට

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිය පළමු බිරියගෙන් දික්කසාදය ලබාගැනීමෙන් පසු අද (28)යළිත් යුග දිවියට පිවිසි බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.1964 උපන් 53 හැවිරිදි මහින්දානන්ද විවාහ දිවියට පිවිසෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක වන සේනානි
ජයරත්න සමගයි.ඇය මින් ඉහත විවාහ වී සිටියේ අමාත්‍ය දුමින්ද දිසානායක සමගින් වීමද විශේෂත්වයකි.
රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙම විවාහ
උත්සවය පැවැත්වුණ අතර එම අවස්ථාවට දේශපාලනඥයින් කිහිප දෙනෙකු එක්ව සිටියා.හිටපු අගමැති දිමු සහ ඔහුගේ පුත් අනුරාධ ජයරත්න මෙහිදී සාක්ෂි අත්සන් කරන ලද බවද වාර්තාවෙයි. අද මෙලෙස නීතියෙන් විවාහ වුවත් පසුගිය වසර කිහිපය පුරාම ඔවුන් දෙදෙන සිටියේ එකටය. අද රාත්‍රී එම නිවසේ ප්‍රිය සම්භාෂණයක්ද පවත්වන්නට කටයුතු යොදා ඇත.
විවාහයෙන් අනතුරුව කොළඹ ගාලුමුවදොර ‘ගොල්ෆේස් හෝටලයේ‘ හිටපු ඇමතිවරයා මධු සමය ගත කරනු ඇති බවත් ඒ අතරවාරයේ ඒ අසලම පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මැයි දින රැළියට එක්වනු ඇති බවත් පැවසුණා.