යෂාන් කෙන්යා සමග යුග දිවියට

නව පරපුරේ ගායන ශිල්පියෙකු වන යෂාන් ද සිල්වා පෙරේදා යුග දිවියට පිවිසුණා. ඔහු අතගත් මනාලියගේ නම කෙන්යා. ඔහු තම විවාහය ගැන මෙසේ කියා තිබේ.
අපි මුණ ගැසුණේ නාරාහේන්පිට දේවස්ථානයේදී. කෙන්යා ගීතිකා කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක්. ඉතිං එයා ස්ටේජ් එකේ ඉන්නවා මම නිතර දකිනවා. ඊට පස්සෙ තමයි අපි යාළුවෝ විදියට පොඩි කාලයක් ආශ්‍රය කරලා පෙම්වතුන් වෙන්නේ.අපේ සම්බන්ධයට අවුරුද්දක් වගේ වෙන්නේ.හැමෝටම වගේ අපිටත් බාධා ගොඩක් තිබුණා. මම මහනුවර. එයා කොළඹ. අපි හැදුණු පසුබිම වෙනස්. බාහිරින් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා. ගෙවල්වල අයත් ගොඩක් ප්‍රශ්න කළා. නාරාහේන්පිට ජනතා දේව සභාවෙනුත් අපි ගැන හෙව්වා. පල්ලිය මඟින් අපිට විවාහ උපදේශන පන්ති මාලාවක් පැවැත්වූවා. අපි ඒවට සහභාගි වෙලා ආත්මිකව වර්ධනයක් ඇති කරගත්තා.
විවාහ උත්සවයේ ඡායාරූප එකතුව පහතින්
http://www.gallery.gossiplankanews.com/wedding/yashan-de-silva-wedding.html
Pix By: DIGITAL EYE STUDIO, Bridalwear & Grooms outfit : Dr. NAMAL BALACHANDRA ,Brides Hair & Makeup : RUCHIRA LAKMALI LIYANAGAMAGE, Decoration : SMART FLORA, Footwear : HELANKA, Groom & the team hair : SALON LIYO, Wedding Invitation : CEYLON CARD STOCK, Beverages : 100plus & Buffalo