පියා අනුකරණය කරන්න ගිය
විමල්ගේ දියණිය රෝහලේ
රඟපෑමක් යයි සැකයක්


රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය සිය පියා මේ දිනවල උපවාසයක නිරතවන නිසා ඒ අනුව යමින් පියාව අනුකරණය කරමින් ඊයේ (23දා) නිවසේ සිටියදී සිය ආහාර වර්ජනය කිරීම
හේතුවෙන් රෝගාතුරව රාගම ශික්ෂණ රෝහලට
ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි‍.

මන්ත්‍රී විමල් වීරවංශ ඊයේ (23දා) දෙවන දිනටත් ආහාර වර්ජනය කර උපවාසයක නිරතවන අතර ඇතැම් දේශපාලන ආරංචි පවසන්නේ ඔහු ඉදිරියේ ආහාර වර්ජන රෝග තත්ව පදනම් කර බන්ධනාගාර රෝහලට මාරුවන්නට උපායක නිරතවන බවකි.

පියා ආහාර ගැනීම වර්ජනය කර ඇති හෙයින් ආහාර ගැනීම වර්ජනය කර ඇති විමල්ගේ දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන බවත් ඇයට තමන් සිරගතවීම නිසා පාඩම් වැඩ මග හැරෙන බවත් කියමින් විමල් දිගින් දිගටම ඇප ඉල්ලා සිටින නමුත් ඇප ලැබුනේ නැත.

මින් ඉහත ව්‍යාජ පාස්පෝට් සිද්ධියක් මත විමල්ගේ බිරිය පොලිස් අත්අඩංගුවට අවශ්‍යව සිටි අවස්ථාවේ පොලිසිය මගහරින්නට ලෙඩ ඇති බව හඟවමින් ඇය ඇතුළත් කර තිබුනේ පුද්ගලික රෝහලකටය(මාළඹේ නෙවිල් ප්‍රනාන්දු).
එම අවස්ථාවේ විමල්ගේ බිරිය වැළඳගෙන පුතු හා දියණිය රංගනයක නිරතවී ජනතා අනුකම්පාව දිනාගැනීමේ උත්සාහයකද නිරත විය.