සුපිරි බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායිගේ
පියාණන් වූ ක්‍රිස්ණරාජා රායි පෙරේදා (18)
මුම්බායිහි ලීලාවතී රෝහලේදී අභාවප්‍රාප්ත විය. පසුගිය කාලය පුරාම අසනීප තත්වයෙන් පසුවූ හෙතෙම මරණාසන්න අවස්ථාවේ සතියක පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
එම අවසන් කටයුතු ඊයේ සිදු කළ අවස්ථාවට ෂාරුක් කාන් ඇතුළු නළු නිළියන්ද එක් විය.