මවගේ වියෝවෙන් කම්පනයට පත්ව
කලක් ගොළුව සිටි රුවන්

ඊයේ වෙඩින් එක වෙලාවේ මව සිහිවී ඇඬුවේය

චාතුර්යයා ටෙලි නාට්‍ය නිසා බොහෝ දෙනෙකු හඳුනාගත් ටෙලි නළු රුවන් වික‍්‍රමසිංහ ඊයේ විවාහ දිවියට පිවිසියා. රුවන්ගේ විවාහ වන දවසට මනාලියගේ පාර්ශ්වයෙන් මව පියා දෙදෙනාම පැමිණියත් රුවන්ගෙ පියා මෙන්ම මවද ජීවතයෙන් සමුගෙන තිබුණ නිසා මාපියන්ගේ ඡායාරූප වලට වැඳ යුගදිවියට ආශිර්වාද ගන්නට ඔහුට සිදුවුණා.
මෙම අවස්ථාව වඩාත් සංවේදී වූයේ
ඔහු එම අවස්ථාවේ දෙනෙතින් කඳුළු වගුරුවමින් ඉකි ගසා හැඬූ නිසාය.
ඔහුගේ පියා සමුගෙන බොහෝ කල්ය.

නමුත් මව සමුගත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය. ඔහුට මව කෙතරම් සමීපව සිටියේද යත් මවගේ වියෝවෙන් ඇතිවූ ශෝකය නිසා ඔහු ඒ දිනවල කම්පන රෝග තත්වයකට පත්ව දින ගනනාවක් කථාබහ කරන්නට බැරි තත්වයක සිටියේය.
73 වන වියේදී ඔහුගේ මව සමුගන්නා අවස්ථාවේ ඔහුගේ තනියට සිටි එකම කෙනා වූයේ ඇයයි. මවගේ ඉල්ලීම පරිදි දේහය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට යොමු කළ නිසා විශේෂ අවමංගල උත්සවයක්ද ඇය වෙනුවෙන් පවත්වා තිබුනේ නැත.රුවන්ගේ විවාහය පමාවීම ගැන මව බොහෝ සෙයින් ළතැවුණ නමුත් අවසන් කාලයේ රුවන්ගේ පෙම්වතිය මවට හඳුන්වාදෙන්නට ඔහුට පිළිවන් විය.
 සහෝදර සහෝදරියන් 4 දෙනෙකු සිටි නිවසක පවුලේ බාලයා වූ රුවන් මව මියයාමේ සිද්ධිය නිසා ඇතිවූ කම්පනය හා සිත් සසලවීම නිසා දින කිහිපයක් යනතුරු කථාකරගන්නත් බැරිවසිට පසුව මෙසේ කියා තිබුණි.

‘අම්ම මාව දාල ගියා කියන එක තාම මට අදහගන්න බෑ. කතා කරන්නත් අමාරුයි.මං කාන්තාරයක තනිවුණා වගේ.මගේ ජීවිතේම නතර වෙලා.පවුලෙ හැමෝම අම්මට එක වගේ ආදරෙයි. ඒත් අම්මට මං ගැන විශේෂයක් තිබුණ මං බාලයා නිසා.මගේ විවාහය ගැන තමා එයා නිතර හිතුවේ.
මං යාළුවෙලා ඉන්න කෙනාව ඇයට පහුගිය දවස්වල අඳුන්වල දීලයි තිබුනේ. එයා ගැන අම්මා සතුටුයි.ඒත් අපේ විවාහය ඇය නැතිවෙන්න කලින් සිදුකරන්න බැරිවීම ගැන දුකයි.‘
කෙසේ වෙතත් මව මියගොස් මාස කිහිපයකින් ඇගේ බලාපොරොත්තුව ඉටු කරන්නට රුවන්ට හැකි විය.
රුවන් ඊයේ මවගෙන් ආශිර්වාද ගත්තේ ඉකි ගසමිනි.

ඊයේ උත්සවයේ ඡායාරූප නැවත බලන්න පහතින්


http://www.gallery.gossiplankanews.com/wedding/ruwan-wicremasinghe-wedding.html
Pix By -Suren Abeysundara,
Flowers -Kandyan flora, Card box-Younma Bandara, Planner -Janaka Mawella