ලබන මාසේ රවීගෙන් මුදල් ඇමතිකමත්
කිරිඇල්ලගෙන් උසස් අධ්‍යාපන ඇමතිකමත්

ඉවත් කරන කතාව

මීට ටික දිනකට පෙර ජනපතිවරයා සිදු කරන්නට සැලසුම් කළ කැබිනට් සංශෝධනයේදී ප්‍රධාන වෙනස්කමක් ලෙස දැනට මුදල් ඇමති ධූරය හොබවන රවී කරුණානායක මුදල් ඇමති ධූරයෙන් ඉවත් කිරීමට යෝජිතව තිබුණ බව දේශපාලන ආරංචි හෙළිදරව් කරනවා.
මෙම වෙනස්කම මේ වනවිට
ලබන මාර්තු මාසය දක්වා කල් දමා ඇත.
මුදල් ඇමති ධූරයට ආචාර්ය සරත් අමුණුගම යෝජනා කරන්නට ජනපති උත්සාහ කළත් වත්මන් රජය එජාප-ශ්‍රීලනිප හවුලක් ලෙස පිහිටුවීමේදී ඇති කරගත් ගිවිසුම මත මුදල් ඇමතිකම එක්සත් ජාතික පක්ෂයට වෙන් කර දුන් ඇමැති ධුරයක් නිසා එය සිදු කරන්නට බැරිව ගොස් ඇති අතර අගමැති රනිල් යටතට මුදල් ඇමතිකම පවරන්නට ඒ අනුව යෝජනාවී ඇත.
ඉරාන් වික්‍රරත්න මහතා මුදල් නියෝජ්‍ය ඇමැති ධුරයට යෝජනා වී ඇත.
මුදල් ඇමති ධූරය වෙනුවට රවී කරුණානායකට ලබාදෙන්නට තීන්දු කර ඇත්තේ  වරාය හා නාවික අමාත්‍ය ධුරයයි.
දැනට වරාය කටයුතු භාර අර්ජුන රණතුංගගෙන් ඒ විෂය ඒ අනුව වෙනස් කරනු ඇත.
උසස් අධ්‍යාපන ඇමති ධූරය දරන ලක්ෂ්මන් කිරි ඇල්ලගේද විෂය වෙනස් කරන්නට ජනපති තීරණය කර තිබේ.
විජේදාස රාජපක්ෂගෙන් අධිකරණ ඇමති ධූරය ඉවත් කර එය කිරි ඇල්ලට ලබාදීමට යෝජනාවී ඇත.
චන්දිම වීරක්කොඩිට අයත් අමාත්‍යංශයද ලබන මාසයේ සංශෝධනයට ලක්කරන්නට යෝජනාවී තිබේ.