අගමැති රනිල්ට ඕස්ට්‍රෙලියාවේදී 
Phd එකක් හිමිවූ මොහොත (ඡායාරූප)

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරය නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඩීකින් විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරිනමා තිබෙනවා. අද (14) පෙරවරුවේදී අග්‍රාමාත්‍යවරයාට මෙම
ආචාර්ය උපාධිය පිරිනැමුවා.
එම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්, ආචාර්යවරුන්, උපාධිධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවිමට, අධ්‍යාපනය දියුණු කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරිම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ආචාර්ය උපාධිය අග්‍රාමාත්‍යවරයාට පිරි නමා ඇති බව වාර්තාවේ.