පූර්ණිකා එක්ක කිසිම සම්බන්ධයක් නෑ
මං විවාහ වෙන්න හිතලවත් නෑ - පේෂල

පසුගිය සතියේ  ආන්දෝලනයට තුඩුදුන් පූර්ණිකා-පේෂල සම්බන්ධය පිළිබඳ මෙවර සතිඅන්ත පුවත්පතකට දෙරණ නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන පේෂල මනෝජ් අදහස් දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ පූර්ණිකා සමග තමාට කිසිදු සම්බන්ධයක් නැති බවයි. විවාහවී වෙන්වුණ පුද්ගලයෙකු ලෙස ප්‍රකට වුවත් පේෂල
පුවත්පතට පවසා ඇත්තේ තමා විවාහකයෙකු නොවන බවයි.
එම අදහස් දැක්වීම පහතින්

ජනප‍්‍රිය පවුලක් කඩලා එ් පවුල එක්ක පේෂල පවුල් වෙන්න සුදානම් කියලා ආරංචියි. ඇත්තද මේ
කතාව..?

ඔය කතාව ඔය විදිහටම මටත් ආරංචි වුණා. එ්ත් එ් කතාවේ නම් ඇත්තක් නැහැ. මොකද මට හොඳ පවුලක්
කඩලා පවුලක් හදන්න වුවමනාවක් නැති නිසා. එ් වගේම කියන්න ඕන පවුල් ජීවිතේ හොඳට තිබ්බා නම්
කැඩෙන්නෙත් නැහැනේ ඔය කියන විදිහට. ඔය කතාව අමූලික බොරුවක්.

ඇය එක්ක වෙනම ජීවත් වෙන කතාව..?
ඔය කියන කතාව පතුරන අයගෙන් තමයි අහන්න වෙන්නේ මොන පදනමක් යටතේද මාව එ් අයගේ කතාවට
එකතු කරගත්තේ කියලා. මම අපාට්මන්ට් එකක ඔය කියන කෙනා එක්ක ජීවත් වෙනවා කියනවා. එ්ත් මම
ජීවත් වෙන්නේ මගේ අම්මයි, තාත්තයි එක්ක. මම උදේට ගෙදරින් වැඩවලට ගිහිං එනකොට ? වෙනවා.
මගේ අම්මා තමයි මට කෑම බීම හදලා දීලා මගේ රෙදි ටික පවා හෝදලා දෙන්නේ.

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැතිලූ?

ගින්න ඇවිළුව කෙනාගෙන්ම තමයි අහන්න වෙන්නේ. ගින්නක් නැතිව දුමක් නැග්ගේ කොහොමද කියලා. අපි
දුප්පත් සාමාන්‍ය මිනිස්සු. හැදිච්චකම තියෙනවා. මට එ්තරම්ම අවශ්‍යයි නම් පුර්ණිකා පීරිස් කියන
නිවේදිකාව ඩිවොස් වුණාට පස්සේ ජෙනුයින් විදිහට බඳිනවා. එයාව නෙමෙයි කාව වුණත්. එ්ත් මට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.

සම්බන්ධයක් නැහැ කිව්ව සමහර කලාකරුවෝ ටික කාලයකින් ප‍්‍රසිද්ධියේම සම්බන්ධකම් පවත්වාගෙන
යනවා. පේෂලත් එහෙම කරයිද..?

මම පුර්ණිකා එක්ක සම්බන්ධයක් තියෙනවා නම් එ්ක දැන්ම ප‍්‍රසිද්ධියේ කියනවා. පස්සේ කියන්න තියා
ගන්නේ නැහැ. එ් වගේම කතාවක් තියෙනවා මම විවාහ තුනක් කරගත්තා කියලා. විවාහ තුනක් කරගන්නේ
කොහෙද මම ලංකාවට ආවෙත් 2010 අවුරුද්දේ.

පේෂල තවම පෙම්වතෙක් නෙමෙයිද..?
මට ආදරේ කරන්න කලින් වැඩ ගොඩක් කරන්න තියෙනවා. මම සංගීතයත් එක්ක කාර්යබහුල කෙනෙක්.
හැමදාම මේ ජනප‍්‍රියත්වය නැහැ. මේ කාලේ හොදට හම්බකරන්න ඕන. මගේම කියලා ජීවිතයක්
හදාගන්න. දෙමාපියන්ට බරක් නොවී. එ් නිසා විවාහය ආදරය ගැන පස්සේ හිතනවා.

පුර්ණිකා එක්ක සම්බන්ධයක් තියෙන බවට රාවයක් පැතිරෙද්දිත් ඇය එක්ක කතා බහ කරනවාද..?

මට එයා එක්ක කතා කරන්න බැරිකමක් නැහැ. අපහසුවකුත් නැහැ. දැක්ක තැනදී කතා කරන්න පුළුවන්
කොන්දක් මට තියෙනවා.

(සාකච්ඡාව - හර්ෂණී වීරරත්න -රිවිර)