විමල් වීරවංශගේ වාහන ලැයිස්තුව
රස්සා නැති නෑයන්ට සිංහල රාවයට
පුවත්පත් මාධ්‍යවේදීන්ටත් දීලා

අවභාවිතාවේ යෙදවූ වාහන 90 කෝටි 9 ක් පාඩු කළ හැටි


ඊයේ හිටපු ඇමැති විමල් වීරවංශ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවූයේ වාහන අවභාවිතා චෝදනා යටතේය. මෙය සාමාන්‍යයෙන් ඇමතිවරුවන් කවුරුත් කරන නොතැකිය යුතු වරදක් බවට අදහසක්ද පවතී. නමුත් වාහන 90 ක් යොදවා කෝටි 9 ක් අපතේ හරිමින් විමල් වීරවංශ මෙම අවභාවිතාව සිදු කළ තරම නඩුවට අදාළ බී වාර්තාවේ වාහන ලැයිස්තුවෙන් හෙළිවන්නේ ඔහු කිසිවෙකුට නොදෙවෙනි ලෙස එය කළ ආකාරයයි.
එකල මහින්ද පාලනය යටතේ රජයේ ඇතැම් වැඩට එරෙහි බවට සමාජයේ රංගනයක නිරතවූ ‘සිංහල රාවය‘ සංවිධානයද විමල්ගේ වාහන 6ක් යොදවා
ක්‍රියාත්මක කරවූ එකක් බව
මෙහිදී අනාවරණය වේ. එමෙන්ම විමල්ගේ සම්මුඛ සාකච්ඡා පළකරදෙන ප්‍රසිද්ධ පුවත්පත්වල ලේඛකයන්ටත් ඔහු වරදාන ලෙස වාහන පිරිනමා තිබීම විශේෂිතය. තමන්ගේ පක්ෂයට හා ඥෘතීන්ට දැඩි ආදරයෙන් වාහන සංග්‍රහ කර තිබෙන ආකාරයක්ද එම ලැයිස්තුව නිරීක්ෂණය කරන්නෙකුට පැහැදිලිවේ.

මේ වාහන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත කුලී පදනම මත ලබා දීමෙන් අනතුරුව ඉංජිනේරු වැඩබිම් වෙත යොමුකර තිබියදී වාහන අවශ්‍ය බව එම වැඩ බිම්වලින් ඉල්ලා ඇතත් ඔවුන්ට වාහන ලබානොදී අවභාවිතාව සිදු කළ බව පොලිසිය කරුණු දක්වා ඇත.

සමීප ඥාතීන්ට වාහන දී ඇත්තේ එම වාහන ඇමැතිවරයාගේ ජනසෙවණ ව්‍යාපෘතියට අනුයුක්ත කර ඇති බව පවසමිනි.
පොලිසිය ලබාදුන් බී වාර්තාවට අනුව වාහන ලැයිස්තුව පහතින්

විමල් වීරවංශ ඥාතීන්ට ලබාදී තිබුණ වාහන


විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශ (ඕෂන් වීව් ආයතනයේ ව්‍යාපෘති නිලධාරි)ට අංක GO 4894  (1) දරණ වාහනය
හා වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාර (අමාත්‍යාංශයේ කළමණාකාර සහකාර) ට අංක GK-5073 ((2) , KD-4049 (3) , KB-7053 (4) , KW-6956 (5) , GK-5073 (6) , KP-4802 (7) දරණ වාහන
විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාර (වරාය අධිකාරියේ ප්‍රධාන ආරක්ෂක)ට අංක KB-6038 (8) , HQ-4974 (9), GR-5774 (10) , KI-4648 (11) , KA-7440 (12) දරණ වාහන
 විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 (13) දරණ වාහනය හා ඇගේ සැමියා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශන (සංස්ථාවේ කළමණාකාර සහකාර) ට අංක GY-4635 (14) දරණ වාහනය

ඉහත නිලයන් සහිත ඥාතීන් වාහන පාවිච්චි කර ඇත්තේ එම නිලයන්ට වාහන පාවිච්චි කිරීමට නීත්‍යානුකූල අයිතියක් නොමැතිව බව පොලිසිය කරුණු හෙළි කර තිබේ. විමල් ගේ බාල සොයුරිය වූ නිලානි වීරවංශ කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු තනතුරක් දරා නොමැති අතර ඇයටත් රජයේ වාහනයක් ලබාදී තිබිණි.

විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ හිතවතුන්ට ලබා දී තිබූ වාහන

ලාල් කුලරත්නට – HK-8877 (15) , KT-2884 (16) පියසිරි විජේනායකට – JN-5767 (17) , KK-3081 (18) , 64-3225 919) , HA-2189 (20) , KA-4685 (21) ,කේ.ඩී.යූ ජයසේනට – KO-5871(22) ඩී.වී.ඒ. ජයවර්ධනට – KM-0882 (23) එල්.සී කුමාරට – 54-5678 (24)
විරාජ් සංජීවට – KT-6089 (25) නුවන් ඉන්දික – KA-8125 (26) , 32-9390 (27) පී.එස්.විජේසිරි හෙවත් දම්පාල – HR-7619 (28) , HN-4098 (29) චානකට – GI-0001 (30) නිශ්ශංකට – GF-0887 (31)

කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස හඟවමින් බාහිරව සම්බන්ධවූ ඇතැම් අයට හා තනතුරු ඇති අයට නියමිත ප්‍රමාණයට වැඩියෙන් දුන් වාහන

ඒ.එන්.එස්. මෙන්ඩිස් (මහජන සම්බන්ධතා සහ වෘත්තීය සමිති ලේකම්) – KQ-0976 (32), KA-9447 (33), KP-3768 (34), KD-0158 (35), KQ-9762(36)
යූ.ඩී.සංජීව පෙරේරා -මාධ්‍ය ලේකම්/උපදේශක – JO-5953 (37) , JE-6557 (38)
සිසිර හේරත් – ප්‍රධාන ආරක්ෂකයා (අයිපී) – PC-6171 (39) , 252-4908 (40) , PC-8430 (41), PF-1277 (42) , EA-0260 (43), PE-3626 (44) , KD-1494 (45), EA-0004 (46) , PF-3770(47)
 බී.එම්.ජේ.ටී. මෙන්ඩිස් – කළමණාකාර සහකාර – 65-5231(48), KI-3053 (49), HR-0800 (50) , KG-2376 (51)
 ජේ.එච්.ආර්.නයනානන්ද – සම්බන්ධීකරණ ලේකම් – KB-4427(52), JC-2440(53), KB-8657(54), JO-5953(55), CAB-9727(56)
අලගිය හේවගේ සුරේෂ් ඉන්දික – සංවර්ධන සහකාර – 301-2751(57), HC-2349(58), JW-3549(59), KU-9867(60), 300-2590(61)
 බී.ජී.ඉන්දික ප්‍රසාද් – ගිණුම් සහකාර – PC-2896(62), PC-9097(63)
ඉෂිකා නදී පෙරේරා – කාර්යාල නිලධාරිනී -JR-5354 (64), 300-5690(65)
වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක – උපදේශක -HC-2048(66), HI-2658(67)
 ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි (සිහල රාවය) – අධීක්ෂණ මණ්ඩල සාමාජික – GJ-7117(68), KO-6514(69), JS-9725(70), HN-2194(71), PD-2563(72), CAC-3327(73)
ප්‍රසන්න සංජිව තෙන්නකෝන් (ලංකාදීප) – අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක – KK-8941(74)
දුෂ්මන්ත අබේසිංහ – පාර්ලිමේන්තු ලේකම් – KE-0231(75), KR-7730(76), KA-8125(77), KS-7735(78)
සම්පත් තිලකරත්න – ලිපිකරු/වැඩබිම් සම්බන්ධීකරණ ලේකම් – JR-5774(79), KT-9085(80), KI-1610(81), KS-0097(82), KQ-7961(83)
ප්‍රසාද් මංජු – අමාත්‍ය මාධ්‍ය ලේකම් – 250-4713(84), JY-0359(85)
රංජිත් එදිරිසිංහ – කළමණාකාර පුහුණු/සම්බන්ධීකරණ ලේකම් – JZ-2669(86)
කේ.එල්.එම්. සමරතුංග – පිරිස් කළමණාකරු -HM-6920(87)
රංජිත් ගාමිණී වික්‍රමසිංහ – සම්බන්ධීකරණ ලේකම් – KA-6932(88), GJ-4501(89), JN-9942(90)