Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න




විමල් සති 2 ක් හිරේ

ප.ව.3.55 UPDATE
අද දහවල් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ජනවාරි 24 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රජයේ වාහන අවභාවිත කරන ලදැයි
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කරන ලද බී වාර්තාව සැලකිල්ලට ගනිමින් කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය දැනුම් දෙන ලදි.

පෙර වාර්තාව  -----------------
විමල් වීරවංශ අත්අඩංගුවට
ප.ව.12.15
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද සිදු කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
 ඉදිකිරීම්, ඉංජිනේරු- නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ
රජයේ වාහන අවභාවිත කළ

සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (10) පෙරවරුවේ  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ සිටියේ ඔහුට හිතවත්
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ කිහිප නමක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන
බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, නිරෝෂන් ප්‍රේමරත්න,
වීරකුමාර දිසානායක අැතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පිරිස්ද සමගිනි.ඔහු මාධ්‍ය අමතමින් තමාව අද අත්අඩංගුවට ගන්නට සූදානමක් ඇති බවද  කියා තිබුණි.
අනතුරුව ඔහු කියූ අයුරින්ම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
අත්අඩංගුවට පත් විමල් වීරවංශ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
මින් ඉහත පසුගිය 2016 ව්‍යාජ ගමන් බලපත්‍ර සිද්ධිය නිසාද විමල් මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වූ අතර මින් ඉහත විමල් සොයුරාද වාහන අවභාවිතාව නිසා සිර අඩස්සියට ලක්ව සිටියේය.











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat

Advertisements