විමල් තව සති 2ක් රිමාන්ඩ්
තීරණය දැනුම්දෙද්දී උසාවියෙ ඇතුලේ

කෑගැසූ පුද්ගලයා අත්අඩංගුවට


ඇමතිවරයෙකුව සිටියදී වාහන අවභාවිතා කිරීම් චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සාමාන්‍යධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ මහතා මින් සති දෙකකට පෙර රක්ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් පසු ඒ පිළිබඳ නඩුව අද යළි විභාගයට ගැනුණි.එහිදී ඔවුන් දෙදෙනාම 
පෙබරවාරි 07 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

විමල්ගේ නීතීඥයින් විමල්ට අැප

අවශ්‍ය බවත් ඇප ඇයදුමට සුවිශේෂි කරුණු ලෙස  වීරවංශ මහතාගේ දියණියගේ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසර අග පැවැත්වෙන නිසා එයට මානසික වශයෙන් මෙම ඇප නොදීම බලපෑ හැකි බවටත් වෛද්‍ය වාර්තා ගෙන එමින් කරුණු තර්ක කළ අතර එම තත්ත්වය ඇප ලබා දීමට කරුණක් නොවන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. වෛද්‍ය වාර්තාවේ අඩුපාඩු පවතින බවද පෙන්වා දුන්නාය.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බවට අධිකරණයේ කරුණු පළවීමත් සමග මෙම නඩුවට විමල් වීරවංශ වැරදිකරුවකු නොවන බවත්, එකල සිටි නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති අත්අඩංගුවට ගත යුතු බවත් එක්තරා පුද්ගලයෙකු උසාවිය තුළ නැගිටිමින් කෑගැසූ අතර උසාවියේ කටයුතු වලට බාධාවන ලෙස හැසිරුණ එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ තබන්නැයි මහේස්ත්‍රාත්වරිය නැවත නියෝගයක් නිකුත් කළාය.

විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීම මේ වනවිට විවිධ පෝස්ටර ප්‍රචාරක මාධ්‍යයන්ටද විශේෂ කරුණක් වී තිබෙන අතර විවිධ කවිපද සහිතව ඒවා දැන්වීම් පුවරු පුරා අලවා තිබේ. ඇතැම් පෝස්ටර් වලින් කියැවෙන්නේ විමල් බේරාගැනීමට නුගේගොඩ රැළියට එන ලෙසයි.
(අද තීරණය අනුව නුගේගොඩ පවත්වන්නට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ රැළියට විමල්ට එන්නට හැකියාව නොලැබේ)