අවුරුද්දේ දරුවා නිවසේ තනිකර
බිරියව කැළණි ගඟට තල්ලු කර සැමියාත් ගඟට පනී
දෙදෙනාම මරුට


අඹු සැමි ආරවුලක් දුරදිග යාමෙන් අවසනාවන්ත ලෙස දරුවෙකු ලෝකයට තනිකර දෙදෙනාම මියයාමේ පුවතක් ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයෙන් වාර්තාවේ.
පෙරේදා රාත්‍රී 10 ට පමණ  දෙදෙනෙකු කලබලයෙන් කැලණි ගඟ ආසන්නයේ සැරිසැරූ බවත් පසුව කාන්තාවක් ගඟට තල්ලු කර පිරිමියෙකුද ගඟට පැන්න බවත්
සිද්ධිය දුටුවන් විස්තර කර
තිබීම මත පොලිසිය මේ අය පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමේදී මේ ආකාරයට මියගොස් තිබුනේ අඹුසැමි යුවළක් බව අනාවරණය කරගෙන තිබේ.
මේ ආකාරයට මියගොස් තිබුනේ මාතලේ සිට කොළඹ පදිංචියට ආ වයස 28 ක හා 25ක තරුණ අඹුසැමි යුවළකි.ඔවුන් නිරන්තරයෙන් ආරවුල් කරගන්නා බවත් අදාළ සැමියා පෙර විවාහයක් අතැර මෙම කාන්තාව සමග විවාහවී මින් වසරකට ඉහත දරුවෙකුද ලබා ඇති බවත් මොවුන් ගැන තොරතුරු විමසීමේදී අසල්වැසියන් හෙළි කර ඇත.
සැමියා කුලී වැඩ කරන අයෙකු වන අතර බිරිය නිවසේ සිට දරුවා බලාගෙන සිට ඇත. නිතර පවතින ආරවුල් පොලිසියට ගොස් අවස්ථා කිහිපයකදී නිරාකරණය ගෙන තිබුණ නමුත් ඔවුන්ගේ රණ්ඩු නිමාවී නැති බව අසල්වැසියන් වැඩිදුරටත් හෙළි කර ඇත.
සිද්ධිය දවසේ ආරවුලකින් පසුව මියගිය සැමියා බිරියව නිවස ආසන්නයේ පිහිටි කැළණි ගඟ දෙසට ඇදගෙන ගොස් ඇයව තල්ලු කර ඇති අතර ටිකකින් ඔහුද ගඟට පැන ඇත. මේ අවස්ථාවේ දරුවා සිට ඇත්තේ ඔවුන්ගේ නිවසේ කාමරයේ ඇඳ මතයි.
සිද්ධිය නිසා තරුණ අඹුසැමි යුවළම වතුර පෙවී මියගිය අතර මෙම මරණ නිසා අහිංසක 1 හැවිරිදි දරුවා තනි විය.
සිද්ධිය අධිකරණයට දැන්වීමෙන් පසුව දරුවා ළමා නිවාසයකට යොදු කරන ලද බව පොලිසිය වාර්තා කළා.