ස්වාධීන රූපවාහිනියේ චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනේ ඉදිරිපත් කරන්නා ලෙස මින් කලකට ඉහත කටයුතු කළ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාධ්‍යට කළ ප්‍රකාශයක් හේතුවෙන්
සිය කීර්තිනාමට අපහාස වී ඇතැයිද ඒ හේතුවෙන් රුපියල් මිලියන 425ක වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමින්
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය මන්ත්‍රීවරයාට එන්තරවාසියක් යොමුකර තිබේ.

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීමෙන් රුපියල් මිලියන 1500ක මුදලක් අමාත්‍යවරිය වංචා කළැයි මන්ත්‍රීවරයා පැවැත්වූ පුවත්පත් සම්මුඛ සාකඡාවාකදී පවසා ඇති අතර
ඔහු මෙම කාරණාව සම්බන්ධයෙන් පසුව අල්ලස් දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්නට ගියේ ටොප් 10 දූෂිත කෙනෙකු ලෙස ඇමතිනිය නම් කරමිනි.
අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස ඇමිතිනිය යැවූ එන්තරවාසියේ සඳහන්ව තිබේ.