යාල චණ්ඩියා නන්දිමිත්‍රගේ
හොඬවැල දළයක ඇමිණී ජංජාලයයි

යාල වනෝද්‍යානයේ සිතුල්පව්ව ආසන්නයේ වාසය කරන වාහනවලට පහර දෙන්නෙකු ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රකට නන්දිමිත්‍ර හස්තියාගේ හොඬවැල දළයක සිරවී ඉවතටගන්නට අපහසුවීම නිසා පසුගියදා අකරතැබ්බයක් සිදුවිය.
මෙම ඇතා හොඬවැල හකුලාගෙන
දවස මුළුල්ලේම

සිටින ආකාරය දැක වනජීවී නිලධාරීන් පරීක්ෂාවී තිබෙන අතර එවිට මෙම අකරතැබ්බය තේරුම්ගන්නට හැකිව තිබේ.

නන්දිමිත්‍ර හස්තියාගේ හොඬවැල කෙළවර නාස් පුඩුවේ අඟල් 8 ක් පමණ දළයේ ඇමිණී තිබී ඇති අතර ඌට මේ නිසා කෑම ගන්නට පවා අපහසුවෙන් සිට ඇත. මීට පිළියම් ලෙස හස්තියා නිර්වින්දනය කර පැය දෙකක පමණ පරිශ්‍රමයකින් පසු හොඬවැල දළයෙන් ප්‍රවේශමෙන් ඉවතට ගන්නට වනජීවී නිලධාරීන් හා පශු වෛද්‍යවරුන් සමත් විය. මේ ආකාරයට තවත් දින කිහිපයක් සිටියේ නම් ආහාර ගන්නට බැරිව ඌ මියයන්නට ඉඩ තිබුණ බවද කියැවුණි.

නන්දිමිත්‍ර හස්තියා පසුගිය වසරේ පමණක් වාහන 107 කට පහරදීම් සිදු කර ඇති බවට වාර්තා වන අතර සංචාරකයින්ගේ ගමන් මළු ඉවතට ගැනීම් ගිලදැමීම් ඇතුළු කරදර වලට ප්‍රකට නමක් දිනූ සතෙකි.