ලෙස්ටර් සුමිත්‍රා යුවළට 

නිවාස ප්‍රශ්නයක්


ගෞරවයට ලක්වූ කලා ශිල්පී යුවළක් වන 98 හැවිරිදි ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් සහ සුමිත්‍රා පීරිස්  යුවළ වසර 47 ක් තිස්සේ ජීවත්ව සිටි බව කියන කොළඹ ඩික්මන් පාරේ කුලී නිවස ඔවුන්ටත් නොදන්වා එහි හිමි කරුවන් විසින් වෙනත් පාර්ශවයකට විකුණා දැමීම නිසා ඔවුන් බලවත් අපහසුතාවයකට ලක්ව ඇත.
එහි සැබෑ අයිතිකරු මෙම ගනුදෙනුව ගැන යුවළ දැනුවත් කිරීමටවත් කටයුතු කර නැති අතර
මෙම සංසිද්ධිය ගැන ඔවුන් දැනගෙන ඇත්තේ නිවසේ ලිපිනයට නීතීඥ සමාගමකින් පැමිණි ලියුමකිනි.
මෙම නිවසේ හිමි කරුවන්ට පීරිස් යුවළ මාසික කුලී ගෙවමින් මෙපමණ කාලයක් කිසිදු කරදරයක් නොමැතිව වාසය කළ බවත් ඇතැම් පිළිසකර කිරීම් පවා තම වියදමින් සිදු කරගත් බවත් පවසා ඇති සුමිත්‍රා පීරිස් මහත්මිය මෙි ආකාරයට අපහසුතාවයට ලක්කිරීම අසාධාරනයක් බව පෙන්වාදී ඇත.


වැඩිදුර සොයා බැලීමේදී මෙහි හිමිකරුවන් සොලොසිටි නමැති සමාගමකට මෙම ස්ථානය විකුණා ඇති අතර ලිපියෙහි දැක්වෙන්නේ ඉදිරියට කුලියක් ලබාදෙන්නේ නම් එම කටයුත්ත එම සමාගම සමග බලාගන්නා ලෙසත්ය.

ඒ කියන සමාගම තවදුරටත් මෙය නිවසක් ලෙස පීරිස් යුවළට පරිහරණය කරන්නට ලබා නොදෙනු ඇති බවත් ඔවුන් ව්‍යාපාරික කටයුත්තකට මෙය යොදාගතහොත් පීරිස් යුවළට යන එනමං නැතිවන බවත් වාර්තාවේ.

කෙසේ වෙතත් මෙවැනි කරදරයක් ගැන ඔවුන් කල් ඇතිව දැන සිටියේ නම් පීරිස් මහත්මියට අයත්ව තිබී පසුගියදා අලෙවි කරන ලද කෝට්ටේ පිහිටි නිවාසයද එසේ නොවිකුණා සිටින්නට ඉඩ තිබුනේ නොවේදැයි ඇය පවසයි.
මෙම ආරංචිය තවමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දන්නේ නැති බවත් ඔහු මෙය දැනගතහොත් වයසේ හැටියට කම්පනයක් ඇතිවී මානසිකව රෝගී වන්නට ඉඩ ඇති බවත් පීරිස් මහත්මිය පෙන්වාදී ඇත.

මීට වසර දෙකකට පෙර මෙම නිවසේදී සැමරූ ලෙස්ටර් මහතාගේ 96 වන උපන්දිනයේ ඡායාරූප පහතින්

http://www.photo.gossiplankanews.com/2015/04/drlesters-96th-birth-day.html
Pix By -Indika Mallawarachchi & Indika Prabath Weerasinghe