ඇමරිකාවේ කැලිෆෝනියාහි පිහිටි ‍සියවසකට වඩා පැරණි උමං ගස ("පයනියර් කැබින් ට්‍රි" ) පසුගිය ඉරිදා ශීත කුණාටුවකින් ඇද වැටුණ බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

කැලිෆෝනියානු රාජ්‍ය උද්‍යානයේ පිහිටි බව

කියන මෙම විශාල ගස මැදින් පාරක් තිබුණ අතර ගස උමගක ආකාරයේ විශේෂ පිහිටීමකින් යුතුවීම නිසා ලෝක ප්‍රසිද්ධ විය. මෙම ගස මැදින් සියවසක කාලය තුළ අශ්වයින් හා වාහන ගමන් කර ඇති බවද වාර්තාවේ.
පසුගිය සති අන්තයේ දී, හටගත් බලවත් ශීත කුණාටුව සමහර ප්‍රදේශ වල ගංවතුර හා නායයාම් ඇති කර තිබුණ බවත් මෙම ගසද දරුණු කුණාටුව නිසා ඇද වැටී ඇති බවත් වාර්තා විය.