හම්බන්තොට විරෝධතා සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැදිගම පුරාණ විහාරවාසී වත්තල නාරද හිමියන් දැකබලා ගැනීම පිණිස ප්‍රදේශයේ නාහිමිවරු ප්‍රමුඛ පනහකට අධික භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (10දා) පෙරවරුවේ තංගල්ල බන්ධනාගාරය වෙත වැඩම කළහ.

මේ අවස්ථාවට සහභාගි වූ හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ඉත්තදෙමලියේ පඥාරතන හිමියන් කියා සිටියේ මේ වනවිට බොහෝ පිරිස් අත්අඩංගුවට ගත්තත් පොලු මුගුරු අරගෙන භික්ෂුන් වහන්සේට පහර දුන් පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු යොදා නොමැති බවයි. එමෙන්ම ඒ අතර සිටි භික්ෂුන් වහන්සේට පහරදුන් තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියක්ද සිටින බවත් මේ සෑම කෙනකුටම නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු බවයි.


හම්බන්තොට -රාහුල් සමන්ත හෙට්ටිආරච්චි