GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට

යුරෝපයට ඇඟලුම් අපනයනයට සුබ ලකුණු

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා කොමිසම තීරණය කොට තිබෙනවා. 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමිවී තිබුනේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්
ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු නොකිරීම යන කාරණාව පදනම් කරගෙනය. අවසාන යුද සමයේ මානව අයිතිවාසිකම් කඩවීම් සිදුවූ බවට කොටි ඩයස්පෝරාව ගෙනගිය ප්‍රචාරණයන් නිසා මෙම අවාසි සහගත තත්වය ලංකාවට එරෙහිව මතු විය.
මේ නිසා ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය ඉපැයීම්

අංගයක්වූ ඇඟලුම් අපනයනය කඩා වැටීමකට ලක්වූ අතර ඇතැම් විදෙස් සමාගම්ද ලංකාව අතැර යාම් සිදුවිය.
එම තත්වයෙන් ගොඩ ගන්නට පැවති රජයේ  අවසන් කාලයේ විදේශ ප්‍රතිපත්තිය සමත් වුයේ නැත.

වත්මන් රජයේ වෙනස් මුහුණුවරකට හැරුණු ශක්තිමත් විදේශ සබඳතාවයන් සහ ප්‍රතිපත්ති මත GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිව ඇත.
මෙම ආරංචිය ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂයකි.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් යුරෝපා වෙළඳ පොලට යොමුව තිබීම මත යුරෝපා සංගම්  ඇගලුම් වෙළඳ පොල GSP+ සහනය යටතේ යළි දිග්විජය කරන්නට ලංකාවට හැකිවනු ඇතැයි පැවසේ.
මෙමගින් අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වන අතර මේ නිසා ඇමරිකා වෙළඳ පොළට සහ යුරෝපා කලාපයේ රටවල් 26කට භාණ්ඩ අපනයනය කිරීමේදී තීරු බදු වලින් තොරව වෙළඳ පොලට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.
 මිට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුරෝපයේ කළ සංචාර හා G7 සමුළුවට සහභාගී වීමේ ප්‍රතිපලයක් ලෙස මෙම සහනය ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වූ බව ජනපති මාධ්‍ය ඒකකය දන්වා තිබේ

GSP +යළි ලබාදීමට වත්මන් රජයේ සංහිඳියා ප්‍රතිපත්ති හේතුවූ බව කරුණු දක්වමින් යුරෝපා කොමිසම පළ කරන ලද නිවේදනය මෙතැනින්
http://europa.eu/rapid/press-release_IP-17-34_en.htm