එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා
නුගේගොඩ රැළිය ඇමතීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙසේ පවසා තිබේ.


 “කරුණා අම්මාන් කියන්නේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ රැඳෙන්න බැරිව..එතනදීත් දූෂිත ගණුදෙනුවලට හසු වෙලා..අයින් වුණ කෙනෙක් එයා ප්‍රභාකරන්ගෙන් ජීවිතය බේරගන්නයි මෙහාට පැන්නේ .
ප්‍රභාකරන් එක්ක එකට ආශ්‍රය කරමින් ජීවත් වුණු මිහිහෙක් වුණත් ඔය මිනිහා ඒ කාලෙ ප්‍රභාකරන්ගේ ගෙදර තිබිච්ච තැනවත් අපිට කියලා තිබුණෙ නැහැ. අපේ හමුදාව තමයි පුදුකුඩිඉරිප්පුවලින් ගෙදර හොයා ගත්තේ.
මැරුවට පස්සෙ ප්‍රභාකරන්ගෙ මිනිය ගාවට යවල එයාව වීරයෙක් කලේ මහින්ද රාජපක්ෂ.”