ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් නව ජීවියෙක් තැනීම ගැන 
සන්නස්ගල පැහැදිලි කරයි

කලාකරුවෙකු හා ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඊයේ දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ඔහු ගැන පසුගිය කාලයේ අනතර්ජාලය පුරා ආන්දෝලනයක් ඇති කළ ‘මං ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් ජීවියෙක් තනන්න කැමතියි‘ යන ප්‍රකාශය සම්බන්ධයෙන්
පැහැදිලි කිරීමක් කළා.
මේ ගැන විමසූ නිවේදක සංඛගෙන් එම ප්‍රකාශය තමා කරේ කොතනදීදැයි ඔප්පු කරන ලෙස සන්නස්ගල ඉල්ලා සිටියත් සංඛ එවැනි තැනක් දැනසිටියේ නැති අතර ඔහු කියා සිටියේ අන්තර්ජාලයේ එම කතාව පැතිරෙන බව පමණි.
එහිදී ඒ ගැන පැහැදිලි කළ සන්නස්ගල කියා සිටියේ තමා ලියූ

‘පිරිමි ගොඩයි මං විතරයි‘ නමැති ප්‍රබන්ධ නවකතාවේ එන දරුවෙකු පතන කාන්තා චරිතයක්

මේ ආකාරයට ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවකින් ජීවියෙක් තනන්නට ප්‍රාර්ථනා කරන බවත් තමා ඒ ගැන නවකතාව තුළ රචනා කළ වාක්‍යයක් අල්ලාගෙන මෙම කතාව තමා කියූ එකක් ලෙස ප්‍රචාරය කර ඇති බවයි.

එය මුල්වරට දේශපාලන සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද්දේ ගොවිඳු බවත් නවකතා පොතේ වාක්‍යයක් කියවමින් තමා කියූ දෙයක් ලෙස විකෘත්‍රි කර එය ප්‍රචාරය කිරීම සාහිත්‍යයක් තේරුම් ගන්න බැරි ‘හරක්‘ විසින් තවමත් සිදු කරන අමනෝඥ ක්‍රියාවක් බවත් දන්වා සිටියා.

මෙම පැහැදිලි කිරීම ඇතුළත් වීඩියෝව පහතින්