අපහාස කතාවක් කළැයි
මහාචාර්ය සරත් විජේසූරියට එරෙහිව

ආරක්ෂක ‍ලේකම්වරයාගෙන්
කෝටි 10ක වන්දි ඉල්ලා නඩු


ආරක්ෂක ‍ලේකම්ධුරයට තමා සුදුසු නැති බව පවසා ප්‍රසිද්ධියේ අපහාස කිරීමේ සිද්ධියක් මුල් කරගෙන
මහාචාර්ය සරත් විජේසූරිය මහතාගෙන් රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවූ බව ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඊයේ
දන්වා සිටියා.
වත්මන් රජය ගොඩනැගීමට කැපවී කටයුතු කළ
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කරන විජේසූරිය මහතා
කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂණ චෝදනා තිබෙන බවත් සිරිසේන ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවත් මීට මාස ගණනකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී 
කරන ලද ප්‍රකාශයකට එරෙහිව මෙම මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යොමු කර තිබේ.
 අදාළ වන්දි මුදල නොගෙවන්නේනම් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව කියා සිටි ඔහු මෙසේ දැන්වීය.

“මාව ආරක්ෂක ‍ලේකම් ධුරයට සුදුසු නැහැ කියලා කිව්වනේ. එහෙනම් මහාචාර්ය සරත් විජේසූරිය ඒක උසාවියේ ඔප්පු කරන්න ඕන. දැනට රුපියල් මිලියන 100ක් ඉල්ලා එන්තරවාසියක් යවලා තියෙනවා. මට කවුරුහරි අපහාස කරනවා නම් ඒ ගැන නීතිමය පියවර ගන්න මම ජනාධිපතිතුමාගෙන් අහන්න අවශ්‍යතාවක් නැහැ. මම ඉල්ලුවේ මට අපහාස කළාට වන්දියක්. ඒකට සමහරු ජනාධිපතිතුමත් පටලන්න හදනවා.එහෙම හකක් නම් නෑ‘

මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙයට පිළිතුරක්ද සපයා තිබේ. ඔහු මෙසේ කියයි.
“අදාළ එන්තරවාසිය ලැබුණා. ඊට වගඋත්තර බැඳීම මම නීතිඥයකුට දැනටමත් පවරලයි තියෙන්නෙ. සිවිල් සමාජය නියෝජනය කරන අය හැටියට ආණ්ඩුව කටයුතු කරන ආකාරය දෙස බලා සිටිනවා. ආරක්ෂක ‍ලේකම් එක්ක මට පුද්ගලික කෝන්තරයක් නැහැ. මේ කරපු චෝදනා හිතළුවක් නමෛයි. ආරක්ෂක ‍ලේකම් මතුකරන
කාරණාවලට අවශ්‍ය තැනදි පිළිතුරු දෙන්න සූදානම්.”