වාහන ලියාපදිංචිය පැවැරීමට දුන් සහන කාලය දීර්ඝ කෙරේ  
-අලුත් ක්‍රමයට දඩ ගැසීමට මාස කිහිපයක් යනවලු

  වාහන පැවැරීම් ලියාපදිංචි නොකර පරිහරණය සහ ලියාපදිංචි නොකර පරිහරණය කරන වාහන ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය අද නොවැ. 30 අවසන් වීමට නියමිතව තිබුණ නමුත් ඒ සම්බන්ධයෙන් විශාල පිරිස් තවමත් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට ඇදී එමින් සිටින නිසා
ලබන දෙසැම්බර් මස 30 වැනි දින දක්වා තවත් මසකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරයි.
රථවාහන වැරැදි සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීමට 2017 අය - වැයෙන් යෝජනා වූ පසු අදාළ වාහන ලියාපදිංචි කර ගැනීම සඳහා  විශාල පිරිසක් පැමිණීම නිසා එහි දැඩි තදබදයක් ඇතිවී මහජනයාට මෙන්ම කාර්ය මණ්ඩලයටත් මුහුණදීමට සිදු වී ඇති දුෂ්කරතා සලකා මෙම වෙනස්කම සිදුකර ඇත.



වැඩි කිරීමට යෝජනා වී ඇති සංශෝධිත දඩ මුදල් පිළිබඳ සංශෝධන නීතිපතිවරයා වෙතත් එතැනින් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා මාස කිහිපයක් ගතවනු ඇති බවද වාර්තාවේ.
Pix Courtesy By-lankadeepa.lk