ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ආරම්භක නිවේදකයෙකු වන ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතා මේ දිනවල අසනීප තත්වයෙන් පසුවන බැවින් ඔහුගේ සුව දුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මැතිතුමා පසුගිය සිකුරාදා දහවල් නුගේගොඩ පිහිටි

ඒ මහතාගේ නිවසට ගියේය.
ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු මෙන්ම  චිත්‍රපට නිෂ්පාදකෙයකු අධ්‍යක්ෂ වරයෙකුද වන ආරියදාස පීරිස්ගේ දියණිය වන්නේ විශාරද ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස්ය.
ගුවන්විදුලියේ නවකයින්ගේ ගායන හැකියාවන් එළිදැක්වූ "ආධුනික පැය" ආරියදාස මහතා ගෙන ආ විශේෂ වැඩසටහනකි.  ගායක එඩ්වඩ් ජයකොඩි එම පවුලට සම්බන්ධ වන්නේද ඒ වැඩසටහන ඔස්සේ ඇතිකරගත් මිතුදම දුරදිග යාමෙනි.
"තරු තැනුම", "පැන පොඩි", "ඔව් නෑ බෑ", "පුළුවන් නම් දිනාගන්න","අම්බිගා ගීතයෙන් ගීතය" වැනි පැරණි ජනප්‍රිය වැඩසටහන් රැසක් ඔහු ඉදිරිපත් කර තිබේ.
"කුරැලු බැද්ද“ චිත්‍රපටයේ රංගනයටෙද එක්වූ ඔහු  එම්.එච්. මොහමඩ් නිෂ්පාදනය කළ "සෝබන සිත" චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාද විය.