රුපියල් විසිපන් දහසේ දඩයට ඇතුළත් වමෙන් ඉස්සර කිරීමේ වරද සම්බන්ධයෙන් සහන කාලයක් ලබාදීමට සූදානම් බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ඔහු කියා සිටියේ

ඒ සම්බන්ධයෙන් බස් සංගම් හා අනෙකුත් ප‍්‍රවාහන සංගම් සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.
ඔහු මෙම කරුණු අනාවරණ කළේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) එක්වෙමින්.
ඒ අනුව එම කාරණාව සම්බන්ධ දඩය එකවරම ක්‍රියාත්මක නොවන ලකුනු පහළවී තිබේ.