නොවැම්බර් අගදි දුවෙක් තමා ලැබෙන්න ඉන්නෙ
ආයෙ දේශපාලනේ කරන් නෑ
ඒත් දෙනවක හාමිනේ වගේ මැරෙනකං රඟපානව

- උපේක්ෂා ස්වර්ණමාලී


නිළියක මෙන්ම දේශපාලන චරිතයක් වුණ උපේක්ෂා ස්වර්ණමාලී ලබන මාසයේ අග දරුඵල අපේක්ෂාවෙන් මේ දිනවල නිවසේ කාලය ගත කරනවා.
ඇයට කුළුඳුලේ උපදින්නට නියමිත ගැහැණු දරුවෙකු බවත් ඇය ඉදිරියට මුළුමණින්ම දේශපාලනයෙන් ඉවත්වන බවත්
පසුගිය සති අන්ත පුවත්පතකට හෙළි කර තිබුණා.
ඇය ඒ ගැන කියූ විස්තරය මෙසේය.
‘මේ කාලෙ වෙනද වගේ නම් නෙමේ. හරිම වෙනස් විදිහට ගත වෙන්නේ. මං දිගටම වැඩ කළ කෙනෙක්. සල්ලි හොයන්න පාසල් යන කාලෙ
ඉඳන්ම විවිධ වැඩ කරා.

නමුත්
ලබන මාසේ (නොවැම්බර්) අග දරුවා ලැබෙන්න නියමිත නිසා මට මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න සිද්ධ වෙලා. හරිම පාළුයි.කම්මැලියි.


පුංචි අමුත්තෙක් ගෙදරට එන්න තියන අත්දැකීම අලූත් එකක් නිසා ඒ ගැන සිහින මවමින් බලාපොරොත්තු සහිතවයි ඉන්නේ.

ස්කෑන් පරීක්ෂණයෙන් දැනගත්ත විදිහට මට ලැබෙන්න ඉන්නේ දුවක්. ඒ නිසා රෝස පාටින් ඇඳුම් එහෙම හදාගත්තා. ගොඩක් ඥාතීන්ගෙන් තෑගිත් ලැබුණා. දරු උපතට සූදානම් වෙන්න විස්තර අන්තර්ජාලයෙන් බැලූවා. අද කාලෙ මේ දේවල් කරද්දි කඬේ හරියට වෛවර්ණ දේවල් තියනවානේ. අපට ඒ කාලෙ කරපු අය කරන දේවලින් දශමයයි කරන්න තියෙන්නෙ.

දුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගත්තාම මහත්තයා ගොඩක් සතුටු වුණා. අම්මල නම් කැමත්තෙන් හිටියෙ පුතෙකුට.ඒත් කවුරු ලැබුණත් එයා නිරෝගී යහපත් දරුවෙක් වෙන්නයි  ඕන. එයා කවදහරි හොඳ අනාගතයක් ලබන්න  ඕන. රංගන ශිල්පීන්ට ලංකාවෙ තියෙන්නෙ අඩු පිළිගැනීමක් ඒ නිසා එයා එහෙම නොවෙනව නම් මං කැමතියි.

මොනව වුණත් දුව ලැබුනට පස්සෙ මං ආයෙ රඟපාන්න එනවා. දෙනවක හාමිනේ වගේ මං මැරෙනතුරා
රඟපානවා.ඒත් හැම එකකටම එන එකක් නෑ.තෝරගත්ත ඒවයෙ විතරක් ඉඳීවි.
මං ආයෙ දේශපාලනේ කරන් නෑ. මගෙ ආසන සංවිධායක කම නැතිවෙද්දිත් මට ගාණක් දැනුනෙ නෑ. මං ඉදිරියට මුල්තැන දෙන්නෙ මගේ දරුවට පවුලට විතරයි’

තොරතුරු - තිළිණි කරුණාරත්න