ලබන අවුරුද්දේ සෑම උසස්පෙළ සිසුවෙකුටම 
ටැබ් එකක් නොමිලේ 
- අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

2017 වසරේදී උසස්පෙළ හදාරණ සෑම පාසල් සිසුවෙකුටම TAB පරිගණයක් නොමිලේ ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
මේ ගැන මින් ඉහත ඩිජිටල් ඇමති හරින් සහ අධ්‍යාපන ඇමති අකිල විරාජ් ද ඉඟි කර තිබුණ අතර ලංකාවට ඇමරිකාවේ මයික්‍රසොෆ්ට්
සමාගම ලබාදෙන ආධාර මත
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවට

තොරතුරු පළව තිබේ.

ඒ අනුව පාඩම් විෂය මාලා සම්බන්ධ මුද්‍රිත පෙළ පොත් වෙනුවට ඒවා පරිගණක ඊබුක් ෆයිල් ලෙස ලබාදී පාසලේදී ඔවුන්ට ඒවා පරිහරණයට පහසු කිරීමත් ඩිජිටල් තිර සමග අන්තර් ක්‍රියා කරමින් පන්තිවල ඉගැන්වීමත් සිදුකරන්නට නියමිතය.

2017 වසරේ සිට තෝරාගත් පාසල් පන්තිකාමර 56 ක් ස්මාර්ට් පන්ති ලෙස අත්හදාබලා පසුව එම ක්‍රම දීපව්‍යාප්ත කිරීමේ සැලසුමක් ගැනද පසුගියදා අධ්‍යාපන ඇමතිවරයා හෙළි කර තිබුණි.

සෑම ළමයෙකුටම අවුරුදු 13ක අනිවාර්යය පාසල් අධ්‍යාපනය ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් ගුරු හිඟය අවසන් කිරීම සඳහා 2017 වසර තුළදී කටයුතු කරන බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.