මේ දක්වා එක්දින ක්‍රිකට් තරගවල වැඩිම ශතකලාභීන් අතර 4 වැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගක්කාර අභිබවා යාමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්ව ඇත.
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මොහාලි හිදි ඊයේ පැවති 3 වන එක්දින කි‍්‍රකට් තරගයේදි සිය 26 වන එක්දින ශතකය වාර්තා කරමින් ඔහු ඒ වාර්තාව තැබුවේය.තරගයේදී කෝලි ලකුණු 154ක් ලබා ගැනීමට සමත්වුණා.එක්දින ශතක 49ක් වාර්තා කරමින් ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් ලොව වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙස මුල් තැන පසුවන අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ එක්දින ශතක 30 වාර්තා කළ ඔස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින්ටයි. එක්දින ශතක 28ක් වාර්තා කළ ශී‍්‍ර ලංකාවේ සනත් ජයසුරිය එම සටහනේ 3 වන ස්ථානයේ පසුවෙයි.